ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී ට ඇප
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධනාගාරයෙන් නිදහස් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන් ඛාන් අගමැති ධුරයේ සිටියදී රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු වටිනා ත්‍යාග භාණ්ඩාගාරයට ලබා නොදී සිය හිතවතුන් අතර බෙදා දුන් බවටත්, තවත් ත්‍යාග ප්‍රමාණයක් අධික මිලකට අලෙවි කර මුදල් උපයා ගත් බවටත් චෝදනා ලැබූ බුෂ්රා බීබී වසර 14ක සිරදඬුවම් නියම වූ අතර, ඇය පසුගිය ජනවාරියේදී බන්ධනාගාරගත කර තිබිණි.
රාවල්පිණ්ඩි නුවර අඩියලා බන්ධනාගාරයේ රඳවා තබා සිටි ඉම්රාන්ගේ බිරිය ඇප මත නිදහස් කර ඇත්තේ ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝගයෙන් බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.
බන්ධනාගාරයෙන් නිදහස ලැබූ බුෂ්රා බීබී මෝටර් රථ පෙළක ආරක්ෂාව මැද සිය නිවෙස වෙත පැමිණෙද්දී මාර්ගයේ දෙපස රැඳී සිටි විශාල පිරිසක් ඇයට සුබ පැතූ බවත්, ඇය පිළිගැනීමට ඇගේ නිවෙස අසල ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායකයන් සහ හිතවාදීන් විශාල පිරිසක් රැස්ව සිටි බවත් ඩෝන් පුවත් සේවය සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

