Latestවිදේශීය

ඉරාන ගුවන වසාදමයි

ඉරාන පාලන තන්ත්‍රයෙන් මාස ගණනාවක් තිස්සේ එල්ල වූ අඛණ්ඩව ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස තමන් ඉරානයේ හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර සිදුකරන බව පවසමින් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි ඇතැම් හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසයි.

මෙම ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ ඉරානය සිය ගුවන් කලාපය වසා දමා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන අතර නැවත දැනුම් දෙන තුරු සියලු ගුවන් ගමන් අවලංගු කළ බව ඉරානයේ සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසා ඇති බව සඳහන් කෙරේ.

කලාපයේ සිදුවෙමින් පවතින හමුදා මෙහෙයුම මධ්‍යයේ ඉරාකයේ ගුවන් කලාපය ද වසා දමන බව ඉරාක ප්‍රවාහන අමාත්‍යවරයා පවසා තිබේ. කලාපීය ආතතීන් හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සියලුම ගුවන් තොටුපලවල සියලුම ගුවන් ගමනාගමනය අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කර ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *