Latestවිදේශීය

දැන් ඇති, ගාසා සටන් නවත්වන්න – චීන ජනපති

ලොව සිය­ලුම රට­වල් ගෝලීය වශ­යෙන් බර­ප­තළ අභි­යෝග රැස­කට මුහුණපා සිටින මේ මොහොතේ සාමය සඳහා ස්ථාවර බල­වේ­ග­යක් ලෙස ගාසා තීර­යට සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මට බල­පෑම් කළ යුතු බවත් සහ ලෙබ­න­නයේ ගැටුම් වැළැ­ක්වී­මට පිය­වර ගත යුතු බවත් චීන ජනා­ධි­පති ෂී ජින්පිං ‘බ්‍රික්ස්‘ සමු­ළු­වේදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසි­යාවේ කසාන් ප්‍රාන්ත­යේදී නිමා­වට පත්වූ බ්‍රික්ස් දෙදින සමු­ළු­වේදී චීන ජනා­ධි­ප­ති­ව­රයා බ්‍රික්ස් රට­වල් සමූ­හය ගෝලීය ආර­ක්ෂාව ශක්ති­මත් කිරී­මට කට­යුතු කළ යුතු බව ද සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ගාසා තීරයේ සටන් විරා­ම­යක් සඳහා අඛ­ණ්ඩව බල­පෑම් කළ යුතු බව අව­ධා­ර­ණය කර­මින් චීන ජනා­ධි­පති ෂී ජින්පින් ප්‍රකාශ කර ඇත්තේ පල­ස්තී­නයේ සහ ලෙබ­න­නයේ තව දුර­ටත් විනා­ශ­යක් සිදු­වී­මට ඉඩ නොතැ­බිය යුතු බවය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *