පුපුරන ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි.
ඊයේ (27) සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙයි.
මෙම වැටළිම සිදු කරන අවස්ථාවේදී වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 75 ක්, ජෙලටනයිට් කූරූ 90 ක්, ඩෙටනේටර් කුරූ 300 ක් හා සේවා නූල් 05 ක් සැකකරුවන් සන්තකයේ තිබු බවයි පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 හා 30 වයස්වල පසුවන හිදෝගම හා මාපාලඩිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් ගමන් කළ කාර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

