Latestදේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා ඉදිරි දිනවල තමන් ක්ෂණිකව වෘත්තිය ක්‍රියාමාර්ගයට යාමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමය සඳහන් කරන්නේ දුම්රිය නියාමක සේවය හා ස්ථානාධිපතිවරුන්ගේ සේවාවට අදාලව දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් සමත් වන පිරිස් සඳහා වසර පහෙන් පහට ශ්‍රේණි උසස් වීම් ලබා දෙන ක්‍රමයක් ඇති ඇතිකලද දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අදාළ උසස් වීම් ක්‍රමය තවමත් ක්‍රියාත්මක නොවන බවයි. මෙම ගැටළු විසඳා ගැනීමට ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.ඒ අනුව ඉදිරි පැය 72 ඇතුලත මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට යාමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *