ගෑස් නෞකාවක් දිවයිනට
බෙදා හැරීමේ ගැටලුවක් හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයක ලාෆ් ගෑස් හිඟයක් ඇති බව එම සමාගම සඳහන් කරයි.
ඉදිරි දින කිහිපය තුළ එම ගෑස් හිගය පහව යවු ඇති බව සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා කියා සිටී.
තම සමාගම් විසින් ඇනවුම් කරන ලද ගෑස් තොග මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය මත මෙරටට පැමිණීම ප්රමාද වීමත්, පසුගිය ජල ගැලීම් වලින් ප්රධාන පර්යන්තය ජලයෙන් යටවීමත් මත මෙම තත්ත්වය ඇති වූ බවද හෙතෙම කියා සිටියේය.
තම සමාගමේ ඇණැවුම් කරන ලද ගෑස් නෞකාවක් ඊයේ දින මෙරටට පැමිණ ඇති අතර එම තොග බෙදා හැරීමත් සමග ගෑස් හිගය පහව යනු ඇති බවත් ඔහු කියා සිටියේය.
@Lanka C News
Please follow and like us: