Latestදේශීය

මුදල් අච්චු ගැහුවා නම් අනුරගේ අත්සන තියෙන්න ඕනා – විජිත හේරත්

අලුතෙන් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවත් කිසිදු ආකාරයක ණයක් කිසිදු රටකින් කිසිදු විදේශ ආයතනයකින් ලබා ගෙන නොමැති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා ,සමාජ  ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 භාණ්ඩාගාර බිල්පත් , බැඳුම්කර කල් ඉකුත්වීමේදී ඊට සමානුපාතිකව ඒවා නැවත නිකුත් කිරීම මහ බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදයක් වන අතර සිදු වී ඇත්තේ මෙලෙස නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ නොමැතිව අලුතෙන් ණය ගැනීමක් සිදුව නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අලුතෙන් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බව පවසන අමාත්‍යවරයා එලෙස සිදු කළ නොහැකි බවත් එසේ සිදු කර ඇත්නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ අත්සන අලුතෙන් මුද්‍රණය වන මුදල් නෝට්ටුවල පැවතිය යුතු බවත් අවධාරණය කළේය.

රුපියල් බිලියනයක මුදල් අච්චු ගසා ඇති බවට සංසරණය වන  ප්‍රවෘත්තිය අසත්‍ය බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *