Latestදේශීය

අවුරුදු 75ක් අපි වතුකරයට හොදටම කලා


ලංකා කම්කරු කොන්ග්‍රසය වසර 75 ක කාලය තුල තම ජනතාවගේ යටිතල පහසුකම් සහ එම ජනතාවගේ ළමුන්ගේ අධ්‍යාපනය ඉහල දැමිමට කටයුතු කල බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජාතික සංවිධායක සහ එක්සත් ජාතික සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.ශක්තිවේල් මහතා පවසයි.

එස්.ශක්තිවේල් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එස්.ශක්තිවේල් මහතා කියා සිටියේ වසර ගණනාවකට පසු මේ රටේ බහුතර ජනතාවක් එක් වි රටේ නායකත්වය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලබාදුන් බවයි.

හුන්නස්ගිරිය ප්‍රදේශයේ වතු සමාගමක් විසින් තේ වත්තේ දින 14 ක් වැඩට නොයෙන වතු කම්කරුවන්ගේ වතු නිවාස යලි වතු අධිකාරිය භාරදෙන ලෙසට දැනුම් දි ඇති බවත්, වතු කම්කරුවන්ට එවැනි පිඩනයක් ඇති කරන වතු සමාගම් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවයි.

මෙම මැතිවරණ ප්‍රචාරක රැස්විමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ එක්සත් ජාතික සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක ජිවන් තොණ්ඩමන් මහතාද සහභාගි විය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *