Latestදේශීය

එස් බී ඇයි මේ?

හිටපු මන්ත්‍රීවරයෙකු සහ ඇමතිවරයෙකු වූ එස්. බී. දිසානායක ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව සුබවාදී ප්‍රකාශ සිදු කිරීමට පටන් ගෙන තිබේ.

ඔහු ඊයේ (29) පවත්වන ලද මාධ්‍ය හමුවකදී “ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙස මේ වනවිට බලයට පත් වී ගෙන යන වැඩ පිළිවෙල තුළින් ආර්ථිකය නැගිට්ටවන්න පුලුවන් කියලා මම කල්පනා කරනවා. වියට්නාමය, චීනය වගේ රටවල් ඉතා සාර්ථක විදිහට සැලසුම් සහගත ලෙස විවෘත ලිබරල් ආර්ථිකයකින් ඉස්සරහට යන ආකාරයට මේ ආණ්ඩුවත් ගමන් කරන බව මම හිතනවා“ ආදී වශයෙන් ප්‍රකාශ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ පිල, සජිත් ප්‍රේමදාස පිල මෙන් ම පොහොට්ටු පක්ෂය ද බිල්ලන් මවමින් සිටින අතර එස් බී දිසානායක එවැනි ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් විමතියට පළ කරති.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *