Latestදේශීය

දීපාවලී හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ අරඹයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (30) පස්වරු 4.30 සිට දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදට (31) යෙදී තිබෙන දීපාවලී දිනය වෙනුවෙන් අත්හිටවූ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය සදහන් කරයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය අවසන් කළ අතර අද දිනයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීම ආදී කටයුතු සාමාන්‍ය ලෙස සිදු වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසීය.

තම ගැටළු සඳහා නියමිත විසඳුම් ලබා නොදුන්නොත් දීපාවලී උත්සවයෙන් පසුව නැවත සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත යොමු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *