සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයින් දෙදෙනෙක් මාට්ටු
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා”ගේ සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන “ආමි චූටි” නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබී රුපියල් මිලියන 210කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි ඕමල්පගේ ධම්මික සමන් කුමාර සහ 53 හැවිරිදි කංකානම් ආරච්චිගේ සුජීව නැමැති පුද්ගලයින් දෙදෙනායි.
සැකකරුවන් සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගයේ, හෙරොයින් කිලෝග්‍රෑම් 6 ග්‍රෑම් 910 මිලිග්‍රෑම් 500 සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 17ක් තිබූ බව සඳහන් වේ.
එහිදී ඔවුන් සතුව තිබූ යතුරුපැදියක් හා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
@adaderana
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

