ලොවම මවිත කළ උතුරු කොරියාව
උතුරු කොරියාව ඔවුන්ගේ මිසයිල පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ නවතම අත්හදා බැලීම පසුගිය දා සිදුකර ඇති අතර, මෙතෙක් ලෝකයේ කිසිදු රටකට අත්හදා බැලීමට නොහැකි වූ තරම් දුරක් විදිය හැකි බැලස්ටික මිසයිල අත්හදා බලා ඇතැයි වාර්තා වේ.
මේ වනවිට හෙළිකර ඇති වාර්තා අනුව කිලෝ මීටර් දස දහසක දුරක් පියාසර කළ හැකි එම මිසයිල විනාඩි 87ක් පුරා ගමන් කරන බවට හෙළිකර තිබේ. මේ සම්බන්ධයෙන් ජපානයේ ආරක්ෂක අමාත්‍ය ජනරාල් නකාටානි විශේෂ ප්‍රකාශයක් කරමින් එරටට අයත් ඔකුෂිවි දූපතට කිලෝ මීටර් 300ක ඔබ්බෙන් එම මිසයිලය පතිත වී ඇති බවට තොරතුරු හෙළිකර ඇත.
මේ අතර උතුරු කොරියාව එම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැත. මෙයට පෙර සෑම අවස්ථාවකදීම එවැනි අත්හදා බැලීමක් කළ වහාම නිල වශයෙන් නිකුත් කිරීමට කටයුතු කර තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

