මසුන් රැසක් වෙරළට
නාගොඩ සුමන උදයන්ත
මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළ බඩ ප්‍රදේශ වල මසුන් රැසක් වෙරළට ගොඩගසා ඇති බව නාරා ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් කේ.අරුනානන්දන් මහතා පැවසීය.
උෂ්ණත්වය අඩුවීම හේතුවෙන් මෙම මසුන් වෙරළට ගොඩගසා තිබේ.
මෝසම් කාල වෙනස් වීමත් සමඟ ජලය ගමන් කිරීමේ මාර්ගය වෙනස් වීම හේතුවෙන් උෂ්ණත්වය අඩුවී ඇතිබව පැවසීය.
මඩකලපුව ,කලවංචි කුඩි,කලු තාවේල්,තෙන්ටච්චි ,කුරුක්කල්මඩම්,ඔට්ටාඩිමඩම් ඇතුළු ප්‍රදේශ වලට මසුන් ගොඩගසා තිබේ.
එලෙස ගොඩගසා ඇත්තේ මුහුදු කුකුළන් නැමැති මාළුන් ය.
සාමාන්‍යයෙන් සෑම වසරකම ඔක්තෝබර් මාසය තුළ මෙම සිදුවීම වාර්තා වෙයි.
ජල මට්ටමේ සිට මීටර් 10ක් පමණ ගැඹුරින් වෙසෙන මසුන්ට මෙම බලපෑම් එල්ල වී ඇතිබව අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

