Latestදේශීය

ආරුගම්බේ සිද්ධිය සහ ආරක්ෂාව තහවුරු කිරීම ගැන විජිත හේරත් කියයි

මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විදෙස් ජාතිකයෙකු ද වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වන බවට ලද බුද්ධි තොරතුරුවලට අදාළ ව මෙන්ම කොළඹ ආර්ථීක මර්මස්ථාන ඡායාරූප ගත කිරීමේ සිද්ධීන්වලට අදාළව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා,

“පසුගිය දවස්වල අපේ විදේශීය සංචාරකයින්ට අනතුරක් සිදුවෙනවා කියලා තොරතුරක් ආවා. ඒ ආපු විගසම අපි වහාම ක්‍රියාත්මක වුණා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළා, විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළා. විපක්ෂය බලන්හිටියා මේක අහුලගෙන වාසි ගන්න ඒකනේ ඇත්ත කථාව. ඉතින් අපි මේ වෙනකොටත් 06 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මාලදිවයින් ජාතිකයෙක් සහ ලාංකියෝ 05 දෙනෙක් අපේ අත්අඩංගුවේ පරීක්ෂණ කරමින් යනවා. ඒ පරීක්ෂණවලින් අපිට තාම කියන්න බැහැ මේක කොයි ආකාරයේ සැලසුමක්ද ? උත්සාහයක් කියන එක. මොකද අත්අඩංගුවට ගත්ත 06 දෙනාගෙන් ලබාගත්ත තොරතරු සහ පරික්ෂණවලින් එහෙම නිගමනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව වැරදි අර්තකථන අවශ්‍ය නැහැ කොහොම වුණත් රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ ඒ ආරක්ෂක තහවුරු කරන එක. ඉතින් අපි තුන්දෙනාගේ අමාත්‍ය මණ්ඩලය ආරක්ෂ කවුන්සිලය වහාම කැඳවලා ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා විදිහට ඒ අවශ්‍යකරන උපදෙස් දීලා අපි සියලුකටයුතු දැන් අරගෙන ඉවරයි.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *