පාතාලයට අවි ප්‍රවාහනය කළ STF නිළධාරියා අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකු ටී 56 අවියක් රැගෙන යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ (01) අලුයම අලුත්ගමදී අත්අඩංගුවට ගෙන ඇත.
මොහු පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන මාකිලංගමුවේ සංජීවගේ නියෝගවලට අනුව පාතාලයේ ගිනි අවි විවිධ අපරාධ සඳහා ප්‍රවාහනය කිරීම සිදු කරයි.
මෙම පොලිස් පරීක්ෂකවරයා ඇල්ටෝ වර්ගයේ සිය මෝටර් රථයේ පිටුපස ආසනය කපා සකස් කළ රහස් ස්ථානයක ටී 56 අවිය පතරොම් සමඟ සඟවා තිබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පොලිස් පරීක්ෂකවරයා පදිංචිව සිටින්නේ ද අලුත්ගම ප්රදේශයේය. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මාකිලංගමුවේ සංජීව සමඟ ඉතා කිට්ටු ඇසුරක් ඇති මෙම පොලිස් පරීක්ෂකවරයා ගිනි අවියක් පාතාල අපරාධකරුවකුට ලබාදීමට අවිස්සාවේල්ලට රැගෙන යෑමට සූදානම් වන බවට කල්තියා ලද තොරතුරකට අනුව අලුත්ගමදී මෝටර් රථය නතරකර කළ පරීක්ෂාවේදී ගිනි අවිය හමුවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මාකිලංගමුවේ සංජීව නමැත්තාගේ ගෝලයෙක් වන වසන්ත නමැත්තාට ලබාදීමට මෙම අවිය රැගෙන යමින් සිට ඇති බවත් යම් අපරාධයක සූදානමක් ඇති බව විමර්ශනයේදී පෙනී යන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

