රශි පබා සොයා පොලිස් මෙහෙයුම් දියත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ රශී පබා රත්වත්තේ අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ඒ නීති විරෝධී ලෙස මේ රටට කොටස් ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ඇයගේ නිවසේ තිබී පොලිස් භාරයට ගැනීමට අදාළ පරීක්ෂණවලට අදාලවයි.
අදාළ මෝටර් රථය නීති විරෝධී බව දැන දැනම ඇය තම නිවසේ එය සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඇය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.
ඇයට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මේ වන විට සිතාසියක්ද නිකුත් කර තිබේ.
ඊට අමතරව පොලිසිය හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා සම්බන්ධයෙන්ද විමර්ශනයක් කරමින් සිටී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

