Latestදේශීය

මරන්නත්, ප්‍රවාහනයත්, මස් විකුණන්නත් බැහැ

ඌරන් අතර පැතිර යන සූකර උණ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන මේ දිනවල ඌරන් මැරීම තහනම් බවත් ඌරු මස් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ප්‍රවාහනය මාස 3ක් යනතුරු තහනම් කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන්ගේ සංගමයේ නියෝජිත මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් හේමන්ත රත්නායක මහතා ‘දිවයින’ට පැවැසීය.

මෙසේ ලියාපදිංචි වී ඇති ඌරු කොටුවල සිටි ඌරන් විශාල සංඛ්‍යාවක් සූකර උණ රෝගී තත්ත්වයට ගොදුරුව මියගොස් ඇති බවත් හෙතෙම කීය.

සූකර උණෙන් මියගිය ඌරන් වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට මෙම තහනම නිකුත් කළ බවත් ඒ මහතා කියා සිටියේය.

ඌරන් සූකර උණ රෝගී තත්ත්වයෙන් පසුවන්නේ නම් ළඟම පශු වෛද්‍ය නිලධාරි හමුවන්නැයි ද ඒ මහතා ඌරන් කොටු පවත්වාගෙන යන සියලු හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම වෙළෙඳසල්වල ඌරු මස් අලෙවිය ද සපුරා තහනම් බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *