ජොනීගේ තවත් මෝටර් රථයක් කොට්ටාවෙන් මතුවෙයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන අංක තහඩු නොමැති ෆෝර්ඩ් ලේසර් වර්ගයේ කාර් රථයක් කොට්ටාවෙන් සොයාගෙන තිබේ.මෙම මෝටර් රථයක් කොට්ටාවේ පිහිටි මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථානයක තිබෙන බවට ලද තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානය පරීක්ෂා කිරීමේදී එය සොයාගෙන ඇත.
ඒ අනුව අදාළ ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, අදාළ රථය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රියදුරෙකු විසින් පසුගිය පෙබරවාරි මස 28 වැනිදා රථයේ ඇති වූ දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීම සඳහා ගෙනැවිත් දැමූ බවය.රථය ගෙන ඒමේදී එහි අංකය KM-5421 ලෙස කඩදාසි කොළයක සටහන් කරගෙන ආ බවත් අදාළ ස්ථානයේ හිමිකරු පොලීසියට පවසා තිබේ.ඒ අනුව අදාළ කාර් රථය කොට්ටාව පොලීසිය සිය භාරයට ගෙන ඇති අතර එහි එංජින් අංකය හා චැසි අංකයයන් අනුව විමර්ශන සිදුකරයි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

