Latestවිදේශීය

හිමාල කන්දෙන් බසයක් පෙරලෙයි – 36ක් මියයයි

ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවෙයි.

මේ අතර මෙම අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශකරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසා තිබේ.

එසේම මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 200,000ක් සහ තුවාල ලැබුවෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක ලබාදීමට බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් ය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *