Latestදේශීය

රෂි ප්‍රභා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මිය ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද (04) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවකට නියෝගය අනුවය.

ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇය නීතිඥයකු මාර්ගයන් අද අධිකරණයට භාරවී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත ලොහාන් රත්වත්තේ මහතා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් යොමුකර ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *