Latestදේශීය

ජනතාව අපහසුතාවයට පත්කරන වෘත්තීය ක්‍රියාමාර්ග වලට ඉඩ දෙන්නේ නැහැ – විජිත හේරත්

ජනතාවට අපහසුතාවකට පත්වන ආකාරයෙන් සිදුකරන දේශපාලන උවමනා මත සිදු කරන වෘත්තිය ක්‍රියාමාර්ගවලට ඉඩ නොතබන බව ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සිදුකිරීමට සැලසුම් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් යළිත් වැඩ වර්ජන පටන් ගන්නේ යැයි ලිපි එවා ඇති බවත් දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වීමට උත්සාහ කරන බව පැහැදිලි බවත් ජනතාව පීඩාවට පත්කිරීමට ඉඩදිය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වසර ගණනක් පැවැති උසස්වීම් හා බඳවා ගැනීම් පිළිබඳව දුම්රිය සේවක ප්‍රශ්නවලට දින දෙකෙන් විසඳුම් ලබාදිය නොහැකි බවත් පැවසූ ඇමතිවරයා ජනතාව ජන වරම ලබා දුන්නේ ඔවුන් පීඩනයෙන් මුදා ගැනීමට බවත් පටු දේශපාලන වාසි වෙනුවෙන් වැඩ කිරීමට නොවන බවත් කීය.

ඉදිරි මැතිවරණයෙන් පසුව දුම්රිය සේවයක ගැටළුවට විසඳුම ලබා දෙන බවද පැවසූ ඔහු ඒ අනුව වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සාධාරණ කාලයක් අවශ්‍ය බවද කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *