Latestවිදේශීය

පාකිස්ථානයේ ලාහෝරය වායු දූෂණය නිසා වසා දමයි

පාකිස්තානයේ ලාහෝර් නගරයේ වායු දූෂණය හේතුවෙන් පාසල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව සතියක කාලයක් පාසල් වසා දැමීමට පාකිස්තාන් බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කාර්යාල සේවකයින්ගෙන්  50%ක පිරිසක් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

පාකිස්තාන සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත්තේ හැකිතාක් නිවස තුළම රැඳී සිටින ලෙසත් අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත්ය.

පාසල් සිසුන් සඳහා පසුගිය මාසයේ සිට එළිමහන් ක්‍රියාකාරකම් ද තහනම් කර ඇති අතර පාසල් පැවැත්වෙන වේලාවන් ද සංශෝධනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊට අමතරව එන්ජිමෙන් ක්‍රියාත්මක වන රික්ෂෝ රථ සහ පෙරහන් නොමැතිව බාබකියු කරන වෙළෙඳ ව්‍යාපාරද පවත්වාගෙන යාම තහනම් කර තිබේ.

ලාහෝර් පකිස්තානයේ දෙවන විශාලතම නගරය ලෙසින් සැලකෙන අතර, එය ඊයේ  (03) දෙවන වරටත් ලොව දූෂිතම වායු සහිත නගර ලැයිස්තුවේ පළමු තැනට පත්ව තිබුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *