විදුලිබිල පහත දැම්මා මදියි – මහජන උපයෝගිතා කොමිසම
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී ඇති අතර ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස කොමිසම විසින් ලංකා විදුලි බලමණ්ඩලයට දැනුම් දී ඇත.
ඒ අනුව එම යෝජනාවලිය ලබන 8 වන දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බව එහි සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.
පසුගිය ඔක්තෝබර් මස 24 වෙනිදා ලංකා විදුලි බලමණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණි.
එමඟින් විදුලි ගාස්තු සියයට 4ත් 11ත් අතර ප්රතිශතයකින් පහළ දැමීමට ලංකා විදුලි මණ්ඩලය විසින් යෝජනා කර තිබුණි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

