කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක
කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝනාර මහතා සදහන් කරන්නේ එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ද කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක නිරත වූ අතර බලධාරීන් එම ගැටලුවට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළකරමින් අද පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව වෛද්‍ය අසංක කෝනාර මහතා කියා සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

