ජනක රත්නායකටයි බිරිඳටයි සිතාසි
පරිගණක සේවා සපයන පෞද්ගලික සමාගමක් වෙනුවෙන් රජයට අය විය යුතු රුපියල් 33,702,936ක වැට් බදු හා ආදායම් බදු නොගෙවන ලදැයි කියන සිද්ධියට අදාළව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ ඔහුගේ බිරියට දෙසැම්බර් මස 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කරන ලදි.
අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඊයේ (4) මෙම නියෝග කළේය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති වන ජනක රත්නායක සහ ඔහුගේ බිරිය වන කුමාරි යසෝදා යන අයට මහේස්ත්රාත්තුමා විසින් මෙලෙස නියෝග කෙරුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

