Latestදේශීය

ජනාධිපතිගේ රුව සහිත මුදල් නෝට්ටු සමාජගත කළ සැකකරු අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍යයට එක් කළ සැකකරු මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා අද සවස නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුව ඉකුත් 04 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අවුරුදු 38ක් වූ මහදෙණිය, කොරතොට, අතුරුගිරිය ලිපිනයේ පදිංචිකරුවෙකි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *