යුරෝපා සංගමයට විරුද්ධව චීනය නඩු කියයි
චීනයේ විදුලි මෝටර් රථ සඳහා සහනාධාර විරෝධී බදු පැනවීමේ යුරෝපා සංගමයේ අවසන් තීරණයට එරෙහිව චීනය ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.
ඊයේ (4) එම නඩු පැවරීම සිදු කළ බව චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත.
යුරෝපා සංගමයේ මුල් තීරණයට එරෙහිව ද චීනය මීට පෙර ලෝක වෙළඳ සංවිධානය වෙත නඩුවක් ගොනු කළ බව චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කර තිබේ. එම මුල් තීරණයට එරෙහිව යුරෝපා සංගම් සාමාජික රටවල රජයන්, අදාළ කර්මාන්ත සහ මහජනතාව විශාල වශයෙන් විරෝධතා ඉදිරිපත් කළ ද, ඒ සියල්ල නොසලකා යුරෝපා සංගමය අවසන් තීරණය ප්‍රකාශ කරමින් සහනාධාර විරෝධී බදු පැනවීමට පියවර ගෙන ඇත. ඊට චීනය දැඩිව විරුද්ධ වන අතර, ගෝලීය විදුලි මෝටර් රථ කර්මාන්තයේ සංවර්ධනය සහ ගෝලීය හරිත පරිවර්තන සහයෝගීතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ද, චීනය යළි නඩු පැවරීමක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කෙරිණ.
යුරෝපා සංගමයේ එම අවසන් තීරණයට කිසිදු සත්‍ය සහ නෛතික පදනමක් නොමැති අතර, එය වෙළඳාමේ සහන ක්‍රියාමාර්ග අනිසි ලෙස භාවිත කිරීමක් වන බව චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කර ඇත.
@දිනමිණ