Latestදේශීය

සුජීව සේරසිංහගේ නිවස වටලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි නිවසට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමට ලක්ව තිබේ.

ඒ එල්ටීටීඊ සංවිධානය විසින් භාවිතා කරන ලද නිල ඇඳුම් කොටස් සහ වායනයක් සඟවා ඇත්ද සොයා බැලීම සඳහායි.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම පොලිස් නිලධාරීන් කණ්ඩායම නිවස වෙත ගොස් සෝදිරි කිරීමක් කර ඇත.

නමුත් එම අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ සිට නැති අතර සේවකයෙකු පමණක් සිට ඇත.

පැය දෙකකටපමණ කාලයක් අදාළ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර සේවකයාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් සුජීව සෙනසිංහ මහතා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ තමන් නිවසේ නොමැති අවස්ථාවක පොලිස් කණ්ඩායමක් යැයි කියමින් පිරිසක් තමන් ගේ නිවස සෝදිසි කර ඇති බවය.

ඔවුන් සැබෑ ලෙසම පොලිස් නිලධාරින්දැයි සොයා බලන ලෙසද ඔහු පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *