Latestදේශීය

ජනතා විරෝධය හමුවේ පාස්ටර් ජෙරම් පිටව යයි

මානසික ව්‍යාකූලතා සහිත දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ඉදිකෙරෙන ගොඩනැඟිල්ලක් බව කියන නාවලපිටිය මීපිටියේ පිහිටි ස්ථානයකට ජෙරොම් ප්‍රනාන්දු නමැති පාස්ටර්වරයා ඊයේ (05) පැමිණීමත් සමඟ ගම්වාසීන් අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවිය.

ගම්වාසීන් සහ ජෙරොම් ප්‍රනාන්දු පාස්ටර්වරයා අතර ඇති වූ දැඩි උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට නාවලපිටිය පොලිසියේ නිලධාරීන්ට මැදිහත් වීමට සිදු විය. ඔහු මෙම ස්ථානයට පැමිණ ඇත්තේද පිරිසක් සමඟිනි. ඔවුන් හැසිරී ඇත්තේ පුද්ගලික ආරක්ෂකයන් ලෙස බව ගම්වාසීහු පැවසූහ.

මෙහිදී ගම්වාසීන් චෝදනා කර සිටියේ මෙම ස්ථානයේ දරුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් ඉදි කරන බවට පවසමින් ආගමික ස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවය. මෙහි සිදු කරන ඉදි කිරීම සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුම්වත් කර නැති බවට ජනතාව චෝදනා කරති.

නාවලපිටිය ප්‍රදේශයේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සියලු ජනතාව ඉතා සහයෝගයෙන් ජීවත් වන බවත්, ජාතීන් අතර අසමගිය ඇති කරන මෙවැනි පුද්ගලයන්ට නාවලපිටිය ප්‍රදේශයේ පවතින සාමය නැති කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් ගම්වාසීහු පැවසූහ.

ගම්වාසීන්ගේ දැඩි විරෝධය හමුවේ පාස්ටර් ජෙරාම් සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගියහ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *