Latestදේශීය

පලනි ශිරාන්ගේ කෝටි 8ක් රාජසන්තකයි

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස හැඳින්වෙන පලනි ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව සැලකෙන රුපියල් කෝටි 8ක පමණ දේපොළ තහනම් කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනයකින් පසු පියවර ගෙන ඇත.

සැකකරු මේ වනවිට මත්ද්‍රව්‍ය චෝදනාවකට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටියි.

කොළඹ කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බව පැවසෙන පලනි ශීරාන් ක්ලෝරියන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් දේපොළ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය එක්ව විමර්ශනයක් සිදුකර තිබුණි.

ඒ අනුව අදාළ පුද්ගලයා වත්තල බලගල පාරේ ඉදිරිකර තිබූ දෙමහල් නිවසක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

එම දේපොළ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් ඒවා බවත් ඒ අනුව රුපියල් කෝටි 8ක පමණ දේපොළ තහනම් කර ඇති බවත් වාර්තාවේ.
සැකකරුට අයත් බෝට්ටුවක් ද සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇති අතර එය ක්ලබ් වසන්ත ඝාතනය කළ වෙඩික්කරුවන්ට පළායාම සඳහා භාවිත කිරීමට මිලදී ගත් එකක් යැයි සැකකරන බව විමර්ශකයෝ සඳහන් කරති.

ශීරන් ක්ලෝරියන් නැමැත්තා කුඩු සෙල්වි නැමැත්තියගේ පුත්‍රයා බව පොලීසිය සඳහන් කරයි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *