නුවරඑළියට බරපතල ආක්‍රමණයක්
නුවරඑළියේ ස්වභාවික පරිසර පද්ධතිය වනසමින් ආක්‍රමණශීලි ශාක රැසක තර්ජනයට ලක්වී ඇතැයි පරිසරවේදී ජනප්‍රිය ගාල්ලගේ හෙළිකර තිබේ.
එම තර්ජනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉහළ කඳු මුදුන් මෙන් ම හෝටන්තැන්න දක්වා ද පැතිරී ඇති බවට ඔහු හෙළිකර ඇත. ග්‍රෙගරි වැව ආශ්‍රිතව සැල්වීනියා, ජපන් ජබර ඇතුළු ජලජ පැළෑටි ආක්‍රමණයක් සීග්‍රයෙන් සිදුවන බව හෙළි කර තිබේ.
යුලෙක්ස් නම් කටු සහිත පඳුරු විශේෂයක් හෝටන්තැන්න දක්වා පැතිරී තිබේ. ඊට අමතව ගිරා පිහාටු නමින් හඳුන්වන පඳුරු, ගල් ඉද්ද, ගිනි ග්‍රාස්, හබරල, සැල්වීනියා, ජපන් ජබර, ඇඹුල් පේර සහ යෝධ නිදිකුම්බා ආදිය මේ අතර විශේෂයෙන් පවතින බව හෙළි කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

