Latestවිදේශීය

ඇමරිකාවේ 47වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්ව ඇත.

ජනාධිපතිවරණය ජය ගැනීමට අවශ්‍ය වූ ඡුන්ද විද්‍යාල 270ක ඉලක්කය පසු කර යාමට ට‍්‍රම්ප් සමත්ව ඇත්තේ තීරණාත්මක පෙනිසියුලා ප‍්‍රාන්තය ජය ගැනීමත් සමගයි.

තවත් ප‍්‍රාන්ත කිහිපයකම ප‍්‍රතිපල නිකුත් වීමට නියමිත අතර ඒවායෙන්ද වැඩි ප‍්‍රමාණයක් ට‍්‍රම්ප්ට වාසිදායක තත්වයේ පවතී.

නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට‍්‍රම්ප් ලබන ජනවාරියේදී ඇමරිකාවේ පාලනය බාර ගැනීමට නියමිතය.

ඇමරිකා එක්සත් ජනපදය ලොව පුරා මැදිහත් වෙමින් ඇති යුද ගැටුම් රැසකට තම පාලනයක් යටතේ සහාය ලබා නොදෙන බවත් ඇමරිකානු ස්වදේශිකත්වයට වැඩි බර තබමින් රට තුල ආර්ථික වර්ධනයක් ඇති කිරීම ප‍්‍රමුඛතාව බවත් ට‍්‍රම්ප් ජනාධිපතිවරණයේ ප‍්‍රධාන තේමාව ලෙස ගෙන ආවේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *