Latestදේශීය

දිලිත් පුලුවන් නම් මගේ අභියෝගය බාරගන්න – තිලකරත්න දිල්ෂාන්

තමන්ට ද්විත්ව පුරවැසිභාවය තිබෙන බව ඔප්පු කළහොත් හෙට දේශපාලනයෙන් සමුගන්නා බව තිලකරත්න දිල්ෂාන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතරදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලකරත්න දිල්ෂාන් මහතා මෙසේද පැවසීය.

” මම ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙක් කියා ප්‍රබල දේශපාලකයන් සඳහන් කරනවා. පසුගියදා සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාත් එසේ ප්‍රකාශ කර තිබෙනවා. එය ඔප්පු කළොත් මම හෙට දේශපාලනයෙන් සමුගන්නවා. මම ඔහුට අභියෝග කරනවා ඔප්පු කරන්න බැරි වුණොත් ඔහුට දේශපාලනයෙන් සමුගන්න කියලා.

ඔහුගේ පක්ෂයෙන් දේශපාලනයට එන්න කියලා මට ආරාධනා ලැබුණා. ඒ ආරාධනාව කළේ රොෂාන් රණසිංහ මගින්. මට එහෙම ආරාධනා කළේ ද්විත්ව පුරවැසිභාවයක් ගැන නොදැනද ? මගේ ළඟත් තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්. ඒකේ සියල්ල රෙකෝඩ් වෙලා ඇති. බලමු ඒවා රෙකෝඩ් වෙලා තියෙනවාද කියලා.

නව දේශපාලන සංස්කෘතියකට යන ගමනේ අලුත් පක්ෂ මෙහෙම පහළට වැටෙන්න ඕන නෑ. ඉස්සර පරණ ක්‍රමයට ඇයි මෙහෙම කරන්නේ. අපි යන්න ඕනා අලුත්ම දේශපාලන ගමනක්. ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට මෙහෙම බොරු චෝදනා එල්ල කරන එක සුදුසු නැහැ.

මම හිටගත්ත තැන සාධාරණයක් කරන්න පුළුවන් වංචාව, දූෂණය, සොරකම නැති තැනක්. මේ වන විට පෙරපාසල් 15 ක් පවත්වාගෙන යනවා. විශ්වවිද්‍යාල සිසුන්ට ඉගෙන ගන්න මුදල් ප්‍රතිපාදන ලබා දී උදව් කරනවා. නිවාස විශාල ප්‍රමාණයක් හදල තියෙනවා. මා එක්ක කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව හිටගෙන තියෙන්නේ ඒකයි.

ගොඩක් සතුටුයි මේ වන විට කළුතර දිස්ත්‍රික් ප්‍රබලම චරිතය තිලකරත්න දිල්ෂාන් බවට පත් වෙලා. හැමදාම අපේ රැස්වීම් ම්වල සෙනඟ ඉන්නවා. බොහෝ ප්‍රධාන පක්ෂ වලට මිටින් එකට දහදෙනෙක් සොයාගන්න බැරි වෙලා. ක්‍රිකට් වලින් රටටම සම්පතක් වූ මට බය වෙලා මඩ ගහනවා. ප්‍රබලයෝ මට මඩ ගහනවා. මාව මඩ වලින් වළක්වන්න බෑ. ජනතාව වෙනුවෙන් කරන සේවය නවත්වන්නේ නෑ” යැයි පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *