Latestදේශීය

ප්‍රියදර්ශනගේ ප්‍රචාරක රථය අත්අඩංගුවට

මහ මැතිවරණය සඳහා සර්වජන බලය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටින ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි මහතාට අයත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන තිබූ බව කියන බස් රථය මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි රියැදුරුට සහ බස් රථයේ සිටි තවත් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත පසුගිය දා (04දා) මුදාහැර ඇත. මෙම නඩුව නැවත දෙසැම්බර් 18 වැනිදා කැඳවීමට නියමිතය.

ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි මහතාට අයත් බස් රථය ද මුදා හැරීමට අධිකරණය මගින් කටයුතු කර ඇත. මෙම බස් රථය මැතිවරණ පෝස්ටර් අලවා ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ චෝදනාව යටතේ පසුගිය මස (ඔක්තෝබර්) 30 වැනිදා මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

තම නිවස සහ කාර්යාලය අසල මාර්ගයේ නවතා රථ ගාලට ඇතුළත් කිරීමට තිබියදී බස් රථය අත්අඩංගුවට ගත් බවත් ඉන් තමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බාධාවක්වූ බවත් සඳහන් කරමින් ප්‍රියදර්ශන මහතා මැතිවරණ කොමිසමට ද ලිපියක් මගින් දැනුම් දී තිබුණි. එම ලිපියේ පිටපත් පැෆරල් සංවිධානයට සහ මානව හිමිකම් කොමිසමට ද යොමු කිරීමට ඒ මහතා කටයුතු කළ බව පැවසීය.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *