හාල් ටිකවත් හරියට දෙන්න බැරි ආන්ඩුවක් මේක – සජිත් ප්‍රේමදාස
අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා කිව්ව දේවල් හා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කරන දේවල් ජනතාව සංසන්දනය කරන බවත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා කිව්වත් සහල් ටිකවත් හරියට දී ගන්න බැරි බවත් පොල් සඳහාද පෝලිම් ඇති වී තියෙන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපතිවරයාට විධායක ජනාධිපති බලතල භාවිත කර අවම මිලක් නියම කළ හැකි වුවත් ඔහු එසේ නොකරන බවත් තෙල් මිල, විදුලි බිල, බදු අඩු කරනවා කිව්වත් ඉන් එකක්වත් සිදු නොවු බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ කෝට්ටේ ඔබේසේකරපුර පැවැති ජන හමුවකදීය.
තෙල් මිල සූත්‍රය වැරදියි කියා එයට විරුද්ධව කතා කළ අනුර කුමාර දිසානායක මහතා අද තෙල් මිල සූත්‍රයේ වහලකු වී ඇති බවත් තෙල් මිල අඩු කරනවා කියා සුපිරි පැලන්තියේ වාහන භාවිත කරන අයට පමණක් අවශ්‍ය වන තෙල් පමණක් අඩු කළ බවත් සාමාන්‍ය ජනතාව භාවිත කරන ඔක්ටේන් 92 තෙල් අඩු නොකළ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්පෝට් පෝලිමට විසඳුම් දෙනවා කිව්වත් පාස්පෝට් පෝලිම එන්න එන්න වැඩිවන බවත් මේ අය දිනෙන් දින රටේ ජනතාව රැවටූ බවත් මාස 6න් 6ට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා කිව්වත් අද එයද නොවන බවත් මේ දෙබිඩි දේශපාලනය නිසා රටම අනාථ වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.
අයි එම් එෆ් එකට යට වෙන්නේ නෑ කියපු ජනතා විමුක්ති පෙරමුණ අද වන විට අයිඑම්එෆ් එකේ වහලකු වී අයි එම් එෆ් එක කියන කියන පදේට නටන බවත් වත්මන් ජනාධිපතිවරයා අයිඑම්එෆ් එකේ රැකඩයක් වුනත් සමගිජන බලවේගය එසේ නොවන බවත් බලයට පත්වු විගසම මේ ගිවිසුම වෙනස් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
@දිවයින