Latestදේශීය

රේගු නිළධාරින් 4කට වසර 35ක සිර­ද­ඬු­ව­ම්

ශ්‍රී ලංකා ඉති­හා­සයේ වාර්තා වූ ඉහ­ළම අල්ලස් මුදල ලෙස සැල­කෙන රුපි­යල් මිලි­යන 125ක අල්ල­සක් ගැනීමේ සිද්ධියේ චුදිත රේගුවේ උසස් නිල­ධා­රින් සිව්දෙ­න­කුට කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (06) බර­ප­තළ වැඩ සහි­තව වසර 35ක සිර­ද­ඬු­ව­මක් නියම කළේය.

අල්ලස් ලෙස ගත් රුපි­යල් මිලි­යන 125ක මුද­ලට සමාන මුද­ලක් එක් එක් විත්ති­ක­රු­වන්ට වෙන වෙනම දඩ­යක් ‍ලෙස රජ­යට ගෙවී­මට නියම විය.

ඒ අනුව නඩුවේ විත්ති­ක­රු­වන් සිව්දෙ­නාට රුපි­යල් මිලි­යන 500ක දඩ­යක් ගෙවී­මට නියම විය.

එම දඩය නොගෙ­වන්නේ නම් අවු­රුදු 2ක සිර­ද­ඬු­ව­මක් අම­තර පන­වන ලදි. එකී දඩ මුද­ලට අති­රේ­කව එක් චෝද­නා­ව­කට රුපි­යල් 5,000 බැගින් චෝදනා 5 සඳහා රුපි­යල් 25,000ක අම­තර දඩ මුද­ලක් නියම විය. එය නොගෙ­වන්නේ නම් එක් චෝද­නා­ව­කට මාස 3 බැගින් මාස 15ක සිර­ද­ඬු­ව­මක් නියම විය. මේ අනුව දඩ මුදල් නොගෙ­වන්නේ නම් එක් එක් විත්ති­කරු බන්ධ­නා­ගා­රයේ ගත කළ යුතු මුළු කාලය වසර 38ක් හා මාස 3ක් වශ­යෙන් සිර­ද­ඬු­ව­මක් නියම විය. මෙය අල්ලස් හෝ දූෂණ කොමි­සම පිහි­ටු­වී­මෙන් පසු ගොනු කරන ලද නඩු­ව­කට අධි­ක­ර­ණ­යක් මඟින් දෙන ලද ඉහ­ළම දඩ මුද­ලය. මෙලෙස දඬු­වම් නියම වූයේ ශ්‍රී ලංකා රේගුවේ හිටපු සහ­කාර රේගු අධි­කා­රී­ව­ර­යකු වූ මල්දෙ­ණි­යගේ දොන් උපාලි ගුණ­රත්න පෙරේරා හා හිටපු රේගු අධි­කා­රී­ව­රුන් වන හේවා රාජගේ වසන්ත විම­ල­වීර, උපාලි සෙන­රත් වික්‍ර­ම­සිංහ, සුධීර පරා­ක්‍රම ජින­දාස යන තැනැ­ත්ත­න්ටය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් හිටපු නියෝජ්‍ය රේගු අධි­කා­රී­ව­ර­යකු වූ ජගත් ගුණ­ති­ලක යන අයට චෝදනා එල්ල වුවද නඩු පැව­රීම සිදු­වන විට ඔහු මිය­ගොස් සිටින නිසා සැක­ක­රුට විරුද්ධ චෝදනා පත්‍ර­යක් ඉදි­රි­පත් නොවීය.

විත්ති­ක­රු­වන්ට එරෙහි චෝදනා පැමි­ණිල්ල සාධා­රණ සැක­ය­කින් තොරව සනාථ කර ඇති බව දඬු­වම් නියම කර­මින් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා කියා සිටි­යේය.

විත්ති­ක­රු­වන් වැරැ­දි­ක­රු­වන් කිරී­මෙන් පසු දඬු­වම් නියම කිරී­මට පෙර නියෝජ්‍ය සො‍ලිසි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්ව­මින් දැඩි දඬු­වම් නියම කිරීමේ අව­ශ්‍ය­තාව පෙන්වා දුන්නේය. රටට ආදා­යම් හිමි වන ස්ථානය අත­රින් රේගුව ප්‍රධාන මූලා­ශ්‍ර­යක් බවත් රේගු වංචා නිසා ජාතික ආදා­ය­මින් සැල­කිය යුතු පංගු­වක් රටට අහිමි වන බවත් නියෝජ්‍ය සො‍ලිසි­ටර් ජන­රා­ල්ව­රයා කරුණු දක්වා සිටි­යේය. රජය මඟින් රේගු නිල­ධා­රීන්ට සිය­යට 5ක ත්‍යාග මුද­ලක් පිරි­නැ­මී­මට අම­ත­රව ඉහළ වැටුප් හා ප්‍රසාද දීමනා සප­යන බව ද අධි­ක­ර­ණ­යට දැන්වීය. මේ ආකා­රයේ වර­ප්‍ර­සාද භුක්ති විඳි­මින් ජාතික ආදා­යම අහිමි කිරීම බර­ප­තළ වර­දක් බැවින් අනෙ­කුත් රජයේ සේව­ක­යන්ට ද පණි­වි­ඩ­යක් ලැබෙන ආකා­ර­යට උප­රිම අයු­රින් දඬු­වම් කරන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

දීර්ඝ නඩු විභා­ග­ය­කින් පසු මේ ආකා­ර­යට දඬු­වම් නියම වූයේ 2015 වසරේ සිදුවූ අල්ලස් සිද්ධි­යක විත්ති­කරු වූ රේගුවේ උසස් නිල­ධා­රීන් සිව්දෙ­න­කු­ටය. රේගු විම­ර්ශ­න­යක් වෙනස් කිරීම සඳහා විත්ති­ක­රු­වන් අල්ලස් ගැනීම කර තිබේ.

2015 වස­රේදී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය බස් රථ අම­තර කොටස් ආන­ය­නය කර සැප­යීම සඳහා ස්ටිල් ඉම්ෆෙක්ස් ඉන්දීය (පෞද්ග­ලික) සමා­ගම සමඟ ගිවි­සු­මක් ඇති කර­ගෙන තිබේ. මෙම ගනු­දෙ­නු­වේදී ඉන්දීය සමා­ගමේ දේශීය නියෝ­ජි­තයා ලෙස පංචි­කා­වත්තේ පිහිටි ස්ටිල් ඉම්ෆෙක්ස් ලංකා (පෞද්ග­ලික) සමා­ගම කට­යුතු කර ඇත.

රජය මඟින් පිරි­න­මන බදු සහන යටතේ බස් රථ අම­තර කොටස් ඉන්දීය සමා­ග­මෙන් ආන­ය­නය කර ලංග­මට සැප­යීමේ වග­කීම දේශීය සමා­ග­මට පැවරී ඇත.

මෙලෙස ආන­ය­නය කරන අම­තර කොටස් වෙළෙ­ඳ­පොළේ අලෙවි කරන බවට දේශීය සමා­ග­මට ‍විරුද්ධව රේගු­වට පැමි­ණි­ල්ලක් ලැබී තිබේ. මේ සම්බන්ධ රේගු විම­ර්ශන විත්ති­ක­රු­වන් විසින් කර ඇත. ඒ අනුව දේශීය සමා­ගම මෙරට වෙළෙ­ඳ­පොළේ අලෙවි කර ඇති අම­තර කොට­ස්වල වටි­නා­කම රුපි­යල් මිලි­යන 3,000ක් ලෙස ගණ­නය කිරීම සිදුව තිබේ. එහිදී අහි­මිව ඇති රේගු ආදා­යම රුපි­යල් මිලි­යන 300ක් ලෙස ඇස්ත­මේන්තු කර ඇත.

එම වටි­නා­ක­මින් රුපි­යල් මිලි­යන 150ක මුද­ලක් අල්ල­සක් ගෙවන පොරො­න්දුව මත එම පරී­ක්ෂණ ගොනුව නිරා­ක­ර­ණය කර දෙන බවට විත්ති­ක­රු­වන් ස්ටිල් එෆෙක්ස් ලංකා (පෞද්ග­ලික) සමා­ගමේ හිමි­කාර ගල්හේ­නගේ බන්දු­ල­සේන යන අයට දන්වා ඇත. සිද්ධිය සම්බ­න්ධ­යෙන් ව්‍යාපා­රි­කයා අල්ලස් කොමි­ස­මට පැමි­ණිලි කර තිබේ.

අල්ලස රුපි­යල් මිලි­යන 125 දක්වා අඩු කර රජයේ මුදල් මඟින් එය ගෙවන ලෙස කොමි­සම ව්‍යපා­රි­ක­යාට දන්වා ඇත. සැලැ­ස්මට අනුව කොමි­සමේ නිල­ධා­රි­යකු උපා­ය­දූ­ත­යකු ලෙස ව්‍යාපා­රි­කයා සමඟ වැට­ලී­මට යොමු කර තිබේ. ගනු­දෙනු අව­ස්ථාවේ කොමි­සමේ නිල­ධා­රීන් එහි කඩා පැන විත්ති­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. 2015 වසරේ සැප්තැ­ම්බර් 30 වැනිදා සහ ඔක්තෝ­බර් 15 වැනිදා අතර කාලය තුළදී ශ්‍රී ලංකා රේගුවේ සේව­ක­යන් එනම් රජයේ සේව­ක­යන් හැටි­යට කට­යුතු කර­මින් විත්ති­ක­රු­වන් ගල්හේ­නගේ බන්දු­ල­සේන යන අය­ගෙන් රුපි­යල් මිලි­යන 125ක අල්ල­සක් ගැනීමේ චෝද­නාව යටතේ විත්ති­ක­රු­වන්ට එරෙ­හිව කොමි­සම නඩු පවරා තිබේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධි­නී­තිඥ උදාර කරු­ණා­ති­ලක මහතා සමඟ නියෝජ්‍ය සො‍ලිසි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා පැමි­ණිල්ල මෙහෙ­ය­විය. අල්ලස් කොමි­සම වෙනු­වෙන් ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඒ.එච්.එම්.ජී. අබේ­සිංහ මහතා ඇතුළු නිල­ධා­රීහු පරී­ක්ෂණ මෙහෙ­ය­වූහ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *