Latestදේශීය

දියවැඩියාව නිසා පැයකට එක් පාදය බැගින් ඉවත් කරන රටක් මේක

මෙරට වෙසෙන නාගරික ජනතාවගෙන් 23%ක ප්‍රමාණයක් දියවැඩියා රෝගයට ගොදුරුව ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

එසේම නාගරික ජනතාවගෙන් 30%ක් පූර්ණ දියවැඩියා ලක්ෂණවලින් පෙළෙන බවද මෙරට දියවැඩියා රෝග ප්‍රතිශතය 14%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඇය පවසයි.

අහිතකර ආහාර රටාව දියවැඩියා රෝගීන් ඉහළ යෑමට හේතු වී ඇති බවත් ව්‍යායාම නොමැතිවීම සහ නිදි වැරීම ඇතුළු කරුණු රැසක් මෙම රෝගයට බලපා ඇතැයි ඇය කියා සිටී.

හෘද රෝගය, ආඝාතය සහ ස්නායු පද්ධතිය ඇතුළු මුළු ශරීරයටම බලපෑම් කිරීමට දියවැඩියා රෝගයට හැකි බව කියන ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය, දියවැඩියා රෝගය හේතුවෙන් සෑම පැයකටම එක් පුද්ගලයකුගේ පාදය ඉවත් කිරීමට සිදුවන බවද වැඩිදුරටත් කියා සිටී.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *