චන්ද්‍රිකා කියන්නේ බොරු, 57ක් දීලා තියෙන්නේ – විජිත හේරත්
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ (06) එක්වෙමින් ඒ මහතා ඒ බව පැවසීය.
“හිටපු ජනාධිපතිවරුන් අතරින් විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත් කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නැහැ. එතුමිය ලිපියක් එවලා තිබුණා 30ක් දක්වා අඩුකරනවා කියලා. ඒක වැරදියි. එතුමියට දැනටත් 57 දෙනෙක් දීලා තිබෙනවා” යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

