Latestදේශීය

දොළවත්ත දොඩයි අකිල නිහඬයි

පොහොට්ටු පක්‍ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තේරී පත් වු ප්‍රේමනාත් සී. දොළවත්ත රනිල් වික්‍රමසිංහගේ අලුත්ම ආරක්‍ෂකයා බවට පත් වීමේ මෙන්ම ඔහුගේ ප්‍රධාන ප්‍රචාරකයා බවට පත් වීමේ උත්සාහයක යෙදී සිටින බව තහවුරු වී තිබේ.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “රනිල් වික්‍රමසිංහ මැතිතුමාව උස්සාගෙන ඇවිත්, මේ රටේ ජනතාව නැවත වතාවක් එතුමාට පාලනය භාර දෙනවා” යනුවෙනි. මේ ආදී වශයෙන් විවිධ කතා කියමින්, මැතිවරණ ප්‍රචාරයේ යෙදීමට ප්‍රේමනාත් සී. දොළවත්ත උත්සාහ කර ඇත.

එහෙත්, රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු ලෙස කටයුතු කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක, අකිල විරාජ් කාරියවසම් පවා මේ වන විට දැඩි නිහඬතාවක ගිලී සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *