Latestදේශීය

ඡන්දෙට පාසැල් නිවාඩු මෙහෙමයි

එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබේ.

අමාත්‍යංශය පවසන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙසේ නිවාඩු ලබා දී ඇති අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලු දෙනා දැනුවත්කර ඇති බවයි.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල්, 12වැනි දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිත අතර නැවත පාසල් ආරම්භ වෙන්නේ නොවැම්බර් 18 සඳුදා දිනයේයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *