Latestවිදේශීය

සුසී වයිල්ස් ධවල මන්දීර කාර්ය මණ්ඩල ප්‍රධානී වෙයි

ඇමරිකානු ජනාධිපති  මැතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සූසී වයිල්ස් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප්ගේ ප්‍රචාරක කළමනාකරු තනතුරට පත් වූ පළමු කාන්තාවද ඇය බව වාර්තා සඳහන් කරයි.

වයිල්ස් ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම දේශපාලන ජයග්‍රහණයක් ලබා ගැනීමට තමාට උපකාර කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම තීරණය බලාත්මක වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජනවාරි 20වන දින ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බවයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *