Latestදේශීය

තාඹුගල CID කැදවයි

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවකට අදාළව විරංජිත් තාඹුගල මහතාව සැකකරුවෙකු ලෙස නම්කර නොමැති හෙයින් විමර්ශන නිලධාරීන් ට එරෙහිව කරුණු ගොනු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අධිකරණය දැනුම්දී තිබේ.

ඒ හේතුවෙන් විරංජිත් තාඹුගල මහතාට නැවත අධිකරණය හමුවේ පෙනීසිටීමේ අවශ්‍යතාවයක් නොමැති බව කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය දැනුම්දුනි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ඉදිරි දිනයකදී විරංජිත් තාඹුගල මහතාට අදාළ ඒකකය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දීමට නියමිත බවය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *