Latestදේශීයමතවාද

අවුලන්න බලයි – ඇවිලෙන්න එපා

(ක‍්‍රිස්ටෝෆර් ගාඩිනර්)

ලාංකේය දේශපාලනය ඉතිහාසයට පමණක් නොව මෑත දශකය තුල ලෝක දේශපාලන ඉතිහාසයටද නව පරිච්ඡේදයත් එකතු කරමින් වාමාංශික බලවේගයකට ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධූරය ලබා දිමට ශ‍්‍රී ලාංකික ජනතාව ගත් තීරණය අති විශිෂ්ඨය. එමෙන්ම එය තහවුරු කිරීමට එළඹෙන 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණෙයෙන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේග කණ්ඩායම අත්වනු ඇතැයි දෙස් විදෙස් සමීක්‍ෂණ කණ්ඩායම් වාර්ථා තහවුරු කරයි.

මෙවර මහ මැතිවරණය ලංකා ඉතිහාසයේ විශේෂිත සංධිස්ථානයක් වන්නේ, පෙර මැතිවණවලදී දැකිය හැකි කිසිවක් මෙවර මැතිවරණයේදී දැකගත නොහැකි වීමයි. රථ පෙළපාලි, වීදි සැරසිලි, රණ්ඩු සරුවල්, ජනතාවට ඡන්ද අල්ලස් දීම්, ආගමික කෙටවීම්, ජාතිවාදී අදහස් පැතිරවීම් වැනි සිදුවීම් නැති තරම්ය. එය ජනතාව හොඳහැටි තේරුම්ගෙනය. එම තේරුම් ගැනීමම අනාගතය ගැන සුභ පෙරනිමිත්තකි.

අපේ ජනාධිපති සහෝදරයා පවසන පරිදි ”අවුලන්නට බලයි – හැබැයි ඇවිලෙන්න එපා” යන්න කාලෝචිත කියමනකි. එය ක‍්‍රියාත්මක කිරීම ඔබ සතුය.

මන්ද මේ අවසන්වෙමින් යන්නේ ඔවුන්ගේ පෙළපතේ රැකියාවයි, මහජන මුදලින් යැපෙන ඔවුනට, ඔවුන්ගේ පරම්පරාවට මෙය විඳ දරාගත නොහැකිය. ගම්මන්පිලලා, රනිල්ලා ඇතුළු සොර රැල අනුර කුමාර සහෝදරයාගේ රුව ඇතුලත් රුපියල් 5000 නොට්ටුව වංචනික ලෙස ව්‍යාජ නෝට්වක් ලෙස මුද්‍රණය කලා සේම, එම සිදුවීම සම්බන්දයෙන් තදින්ම නීතිය ක‍්‍රියාත්මක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

සියළුම සෙල්ලම් අවසන්වීමට තව ඇත්තේ දින 6 කි. එනම් හරියටම සතියකටත් අඩු කාලයක්. මේ කාලය තුල මඩ ප‍්‍රචාර, භීෂණය වැපිරවීම්, කිඹුල් කථා මෙන්ම විවිධාකාර සිදුවීම් සිදුවිය හැකිය. මේ ඔබ විමසිලේන් සිටිය යුතු දින කිහිපයයි. ජාතියක් සැටියට අප ජයග‍්‍රහණය කල යුතුය. පාර්ලිමේන්තුවට අභියෝග කිරීමේ, ප‍්‍රශ්ණ කිරීමේ අයිතිය නොවැම්බර් 14 අප සතු කරගනිමු. හැබැයි සහෝදරයා සහෝදරිය ”අවුලන්නට බලයි – ඇවිලෙන්න එපා”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *