ආන්ඩුව සැරසෙන්නේ ත්‍රිපෝෂ සමාගම වසා දමන්නයි – පුබුදු ජයගොඩ
ත්‍රිපෝෂ සමාගම වසා දැමීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව ජනඅරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ මහතා ඊයේ (7 දා) පැවසීය.
මහනුවර දී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කීවේය. එහිදී ජයගොඩ මහතා මෙසේ ද සඳහන් කළේය.
අනුර දිසානායක ජනාධිපතිවරයා විදිහට පත්වීමත් එක්කම 2024 සැප්තැම්බර් 27 අංක 2403 / 53 දරන ගැසට් නිවේදනය නිකුත් කළා. මේ ගැසට් නිවේදනයේ 8 පිටුවේ 36 වෙනි වගන්තියට අනුව ආණ්ඩුව තීරණයක් අරගෙන තියනවා සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන්න. ඒක නිසා අමාත්‍යාංශ ගැසට් කිරීමේදී ත්‍රිපෝෂ සමාගම කිසිඳු අමාත්‍යාංශයකටවත් පවරල නෑ. අපි දන්නවා ත්‍රිපෝෂ නිර්දේශ කරන්නේ අවුරුදු 5ට අඩු අඩු බර සහිත දරුවන්ට, නීරක්තියෙන් පෙලෙන ගැබිනි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට. එතකොට ත්‍රිපෝෂ කියන්නෙ රටේ ජනතාවගේ පෝෂණය පවත්වාගෙන යන්න අත්‍යාවශ්‍ය දෙයක්. 1987 මේ සමාගම පෞද්ගලික දුම්කොළ නිෂ්පාදන සමාගමක් සමග ඒකාබද්ධව ආරම්භ කරලා 2011 දී රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරගන්න හේතු වුණෙත් අත්‍යාවශ්‍ය මහජන සේවාවක් නිසා.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

