ප්‍රදේශ රැසකට නායායාම් අනතුරු අඟවයි
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
එම සංවිධානය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ අද (08) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වන බවයි.
මේ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ හාලි ඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර සහ තුම්පනේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, වරකාපොළ, අරණායක, යටියන්තොට, රුවන්වැල්ල සහ කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

