ඇල්පිටිය ප්‍රා සභාවේ නව සභාපති නිශාන්ත පෙරේරා
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (08) ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා සභාපතිවරයා ලෙසත්, වාගොඩ පතිරගේ සුමිත් චන්දන උප සභාපතිවරයා ලෙසත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් නම්කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් පමණක් නාම යෝජනා භාරදී තිබුණි.
ඉන් සමස්ත ඡන්ද 17,295ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ මන්ත්‍රී ධුර 15ක් හිමි කර ගනිමින්ය.
ඊට අමතරව දෙවැනි ස්ථානයට පත් වූ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක්, තෙවැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3ක්ද ඇතුළුව තවත් පක්ෂ කිහිපයක් හා ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් මන්ත්‍රී ධුර 6ක් හිමි විය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

