ට්‍රම්ප්ට පුලුවන් නම් රනිල්ට කොච්චර පුලුවන් ද ? – වජිර අබේවර්ධන
“මේ රට බංකොලොත් වුණාම, ඔබ පෝලිමට ගියාම, ඔබට යන එනමං නැති වුණාම, ඔබ අතරමං වුණාම ඔබව නිදහස් කරගත්ත ඒ නායකයා තමයි 8 වන විධායක ජනාධිපති රනිල්. දැන් බලන්න ඊයේ තිබුණා ලෝක බලවතාගේ ඡන්දය. ඒ ඡන්දයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති වුණා. ලංකාවට ඒක හොඳ ආදර්ශයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාගේ වයස අවුරුදු 78යි. ලෝක බලවත් පුරවැසියා ලෙස තෝරගත්තේ වයස අවුරුදු 78ක පුද්ගලයෙක්. එතුමාගේ කාලසීමාව ඉවර වෙනකොට වයස අවුරුදු 82යි. ඉතින් මොකද්ද තියෙන ප්රශ්නය” යැයි ගාල්ල උළුවිටිකේ පැවැති එජාප විශේෂ සම්මන්ත්‍රණය අමතා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
“දැන් අපේ 8 වන විධායක ජනාධිපතිතුමා, එතුමාට තව කිසිම ප්‍රශ්නයක් නැතිව වසර 12ක් මේ රට බලාගන්න පුළුවන් බව මම මතක් කරන්න කැමැතියි. සමහරු මගෙන් අහනවා මාධ්‍යයට ගියාම ඔබතුමා කිව්වනේ අවුරුදු 12ක් රට කරන්න පුළුවන් කියලා.
අපේ කල්පනාවට වැඩිය කල්පනාව හොඳයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ. සමහර වෙලාවට මට අමතක වුණාම එතුමා මතක් කරනවා මට. ඒ නිසා අපි එකක් මතක තියාගන්න ඕන. මං එහෙම කිව්වේ මොකද? දැන් මේ පාර්ලිමේන්තුවට අලුත් කට්ටියක් ඕනලුනේ. හොඳ කොලප්පමක් බලාගන්න පුළුවන් 2025 වෙනකොට. ලංකා ඉතිහාසයේ මං හිතනවා මේ හදන්නෙ වැදගත් වැඩක්. මොකද්ද? මේ රටේ වාමාංශික ව්‍යාපාරය සදහට ම අතුගාන ව්‍යාපාරය තමයි ඒ කණ්ඩායම මේ කරන්නේ කියලා මං ඔබට මතක් කරන්න කැමැතියි මිත්‍රවරුනි. මේ කණ්ඩායම තමයි මේ රටේ වම අවසන් කරන ව්‍යාපාරය. ඒක අපිට හොඳට පේනවා. මෙතැන අපේ හිටපු අග්‍රාමාත්‍යතුමා ඉන්නවා. එතුමාගේ පුතා ඉන්නවා. අපේ ජයන්ත මන්ත්රීතුමත් ඉන්නවා. මං කියන්න කැමැතියි අපේ හිටපු අගමැතිතුමත්, අපේ රමේෂ් ඇමැතිතුමත්, අපේ මනුෂ ඇමැතිතුමත් මේ බංකොලොත් වෙච්ච රටේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙලා මේ ගාල්ල දිස්ත්‍රික්කයටත් විශාල හයියක් අපේ කැබිනට් ඇමැතිතුමන්ලා දෙදෙනා හරහා ලබා දුන්නා. මෙච්චර බංකොලොත් රටේ මේ ආසන්නයේම තිබෙන හෝලුවගොඩ තියෙන උයන රමේෂ් ඇමැතිතුමා පටන් ගත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන්. කරාපිටිය රෝහල, බංකොලොත් වෙච්ච රටේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ
සහයෝගය අරගෙන දියුණු කරන්න පටන් ගත්තා. මහමෝදර රෝහලත් කරාපිටියට ගේන්න පටන් ගත්තා. වැඩ ගොඩක් කළා. අනික් පැත්තෙන් මනුෂ ඇමැතිතුමා ගාල්ල දිස්ත්‍රික්කයටත්, ලංකාවටත් විශාල ආදායමක් හොයලා දෙමින් විශාල වැඩ කොටසක් කළා.
@දිවයින