කෝටි 39ක දුම්වැටි විනාශ කරයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි තිස්නවයකට අධික වටිනාකමින් යුත් විදේශවල නිෂ්පාදිත දුම්වැටි ලක්ෂ 26කට අධික ප්‍රමාණයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී විනාශ කරනු ලැබීය.
මෙම දුම්වැටි තොගය පෙරේදා (7 දා) විනාශ කිරීම ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.
පසුගිය කාලයේ මැදපෙරදිග සිට මෙරටට පැමිණි පුද්ගලයන් විසින් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයක් මෙලෙස විනාශ කෙරිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

