ඩල්ගස්ට ඇමතිකම් දෙන්න අපිට පයිත්තියන් නැහැ – බිමල් රත්නායක
ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද උතුරේ ඡන්දදායකයින් මුලා කිරීමට ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික බිමල් රත්නායක දැඩි පිළිතුරක් ලබා දී තිබේ.
ඔහු පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක සමුවී ගන්නා ලද ඡායාරූපයක් යාපනයේ පළ වෙන පුවත්පත්වලට ලබා දී, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ ද තමාට ඇමතිකමක් ලැබෙන බව ප්‍රකාශ කරමින් ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටී.
සමාජ මාධ්‍ය යොදා ගනිමින් ද එම ප්‍රචාරය ම ගෙන යමින් සිටින ඩග්ලස් දේවානන්දාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් යාපනයේ පැවති ජන හමුවකදී බිමල් රත්නායක මෙලෙස පිළිතුරු ලබා දුන්නේය. එහිදී වැඩි දුරටත් සඳහන් කළේ “ඩග්ලස් දේවානන්දාට ඇමතිකමක් ලබා දෙන්න ජනාධිපතිතුමාටවත් අපටවත් පයිත්තියන් නෑ. ඔහු ගෙන යන බොරු ප්‍රචාර නතර කරයි කියලා බලාගෙන හිටියා. ඒත් ඒ ප්‍රචාර නතර කරන්නේ නෑ. රට විනාශ කරන්න දායක වූ ඩග්ලස් දේවානන්ද ඇතුළු කිසිම කෙනෙක් වද්ද ගන්නේ නෑ.“ යනුවෙන් දැඩි පිළිතුරු ලබා දී තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

