Latestදේශීය

පොඩි ලැසීගේ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් භාරයට

පොඩි ලැසී භාවිත කළ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී ජනිත් මධුෂංක නොහොත් පොඩි ලැසි භාවිත කළ ජංගම දුරකතන ඇතුලු උපාංග අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්ෂාව සඳහා සිරමැදිරියට නිලධාරීන් ඇතුලු වීමේ දී රැඳවියා මෙම උපාංග සිරමැදිරියේ ඇති කවුළුවකින් ඉවතට විසි කර තිබෙන බව වාර්තාවේ.

මෙම උපාංග වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර පාලන අධිකාරිවරයා වෙත භාරදී තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *